Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) සඳුදා ස්ථාපිත කෙරූ සමාගමෙන් අඟහරුවාදා ලංකාවට නැනෝ යූරියා…

පසුගියදා 19 වනදා අඟහරුවාදා ශ්‍රි ලංකාවට හදිසියේ ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙන්වූ සමාගම නිර්මාණය කර ඇත්තේ පසුගිය 18වනදා එනම් සඳුදා දිනයේදී බව ඊයේ දින (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සිදු කළ අනාවරණයක් මගිණි.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මෙම සමාගම සඳහා මුදල් ගෙවීමේදී ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීම මත මීට දින හතරකට පෙර මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ හදිසියේ ආරම්භ කළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් (එක්සත් ගොවි අරමුදල) නම් ගිණුමකට රජයේ මුදල් රුපියල් විසිනව කෝටි තිස් දෙලක්ෂයක් (රු. 293,200,000) බැර කර ඇති බවත් ඒ බව පාර්ලිමේන්තුවට හෝ අමාත්‍ය මණ්ඩලයට දන්වා නැති බවත් මන්ත්‍රී විජිත හේරත් හෙළිදරව් කළේය.

පසුගිය 18 වැනිදා ආරම්භ කළ මෙම සමාගමට විසි නව කෝටි තිස් දෙලක්ෂයක් බැර කළද මේ වනවිට ගෙවා ඇත්තේ නව කෝටියකට ආසන්න මුදලක් වන අතර මේ වනවිට ඉදිරි රුපියල් කෝටි 20කට අධික මුදල රුපියල්වලට පරිවර්තනය කරන ලෙසට එහි අධ්‍යක්ෂවරුන් වන මොහාන් ටී පෙරේරා, ජී.එම් වීරසිංහ නැමැත්තන් විසින් මහජන බැංකුවට ඉල්ලීම් කර ඇති බවද ඔහු තවදුරටත් අනාවරණය කළේය.

Exit mobile version