Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමැතිවරුන්ට, නිලධාරීන්ට තාවකාලික විදේශ සංචාර තහනමක්

අයවැය ඉදිරිපත් කෙරෙන ලබන මස 12 වැනිදා සහ අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වැනිදා අතර කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික හෝ සංචාරයක නිරත නොවන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලුම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත.

ජනාධිපති ලේකම්වරයා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සියලු පාර්ශ්ව හැකි උපරිමයෙන් දායක කරගෙන අයවැය කටයුතු සාර්ථක කර ගැනීමට ඇති අවශ්‍යතාව නිසා යැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

ලබන වසර (2022)සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ලබන මස 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.එදින සිට අයවැය විවාදය පැවැත්වෙන අතර අයවැය යෝජනාවලිය පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 10 වැනිදාය.

Exit mobile version