Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය ධීවරයින් 23 දෙනා නිදහස් කරගැනීමට තමිල්නාඩු මහ ඇමතිගෙන් ඉන්දීය අගමැතිට ලිපියක්

ඉන්දීය ධීවරයින් 23 දෙනා නිදහස් කරගැනීමට තමිල්නාඩු මහ ඇමතිගෙන් ඉන්දීය අගමැතිට ලිපියක්

ඉන්දීය ධීවරයින් 23 දෙනා නිදහස් කරගැනීමට තමිල්නාඩු මහ ඇමතිගෙන් ඉන්දීය අගමැතිට ලිපියක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනා නිදහස් කරගැනීම සඳහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීම හෙළාදකින බවය.

ඉන්දු – ලංකා ධීවර ගැටලුව සඳහා ස්ථිර විසදුමක් ලබාදිය යුතු බව ද එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දී තිබේ.

ඊයේ දිනයේ ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන් විසින් අදාළ ධීවරයින් නිදහස් කරගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ද ඉල්ලීමක් සිදුකර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version