Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා මර්දන බෙහෙත් කරල් ගෙන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නිර්දේශ ඉල්ලයි

Molnupiravir කොවිඩ් කරලට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය

Molnupiravir කොවිඩ් කරලට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය

කොවිඩ් මර්දනය සඳහා ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන මොල්නුපිරවියා(molnupiravir) නමැති ඖෂධීය කරල මෙරට භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඊට අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

මර්ක් නමැති ඖෂධිය නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන මෙම ඖෂධය යොදා ගැනීමට ලෝකයේ රටවල් ගණනාවක් අවධානය යොමුකර ඇති බවත් මෙම ඖෂධය යොදා ගැනීමට හැකියාව ඇත්දැයි විශේෂඥ කමිටුවේ අදහස් විමසා දැනුම් දෙන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට දැන්වූ බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

එම ඖෂධ ගෙන එන්නේ නම් ඒවා ගෙන ආ යුත්තේ මොන දිනවලද මොන ප්‍රමාණ වලින්ද යන්න දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කළ බවද ඔහු පැවසූවේය.

මෙම ඖෂධ කරල දැනට පරීක්ෂණ මට්ටමේ පවතින නමුත් විශේෂඥයින් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බව යැයි සෞඛ්‍ය අංශ පවසයි.

Exit mobile version