Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව පනතක් සම්මත කර නොගෙන පළාත් සභා ඡන්ද පැවැත්විය නොහැකි -දිනේෂ් ගුණවර්ධන

2024 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව නව ඡන්දදායකයන් ලක්ෂ දෙකක්

2024 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව නව ඡන්දදායකයන් ලක්ෂ දෙකක්

නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි යන්න නීතිපති මතය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රිතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සහාපතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එහි සාමාජිකයින් වෙත එම දැනුම්දීම සිදුකර තිබේ.

පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් දැනට පවතින පනත අහෝසි කළ ද නව පනතක් සම්මත කර නොගෙන කුමන ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයින් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට බාධාව එම නීතිමය තත්ත්වය බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කාරක සභා සාමාජිකයින්ට පෙන්වා දී තිබේ.

Exit mobile version