Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බාර් ඇරපු දවස් 9ට විතරක් බිලියන 5ක ආදායමක්

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ පසුගිය 21දා සිට 30වැනිදා දක්වා දින නවය තුළදී මත්පැන් වෙළෙඳසල් විවෘත කිරීම නිසා රුපියල් කෝටි 500ක (බිලියන 5ක්) ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා පැවැසීය.

මෙරට මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදිත දේශීය මත්පැන්වලින් පමණක් එම ආදායම ලබාගත් බවද ඔහු පැවැසීය.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 30දා දක්වා වූ කාල සීමාව තුළදී දිවයින පුරා නීති විරෝධී මත්පැන් නිපදවන ස්ථාන සොයා සිදුකළ වැටලීම්වලදී ඒවා නිෂ්පාදිත රහස් ස්ථාන විසිදහස් දෙසියහැටඑකක් (20,261ක්) වටලා සැකකරුවන් තිස් දහසක් සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකක විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 2,765ක් අත්අඩංගුවට ගත් බවට සුරාබදු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවැසීය.

Exit mobile version