Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) ප්‍රහාරයක අවදානමක් තියනවා කියනවා නැවතත් නැහැ කියනවා – ජනතාවගේ ජීවිතත් රජයට විහිලුවක් වෙලාද?

ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් නාවික හමුදා නිළධාරීන් පිරිසක් විසින් කතෝලික දේවස්ථාන කිහිපයක් වෙත සිදුකළ දැනුම්දීම සම්බන්ධයෙන් සැබෑ තත්වය ජනතාවට පැහැදිලි කළයුතු බව ශ්‍රී ලංකා කතෝලික සභාව අවධාරණය කරනවා.

එවැනි අවදානමක් තිබේ නම් වඩාත් සැළකිලිමත් වියයුතු බවත්, එසේම එවැනි අවදානමක් නොමැති නම් නාවික හමුදා නිළධාරීන් විසින් ප්‍රහාරයක අවදානමක් පිළිබඳව දැනුම්දීම හරහා අනවශ්‍ය කලබලයක් සිදු කළේ කුමන හේතුවක් මතද යන්න පැහැදිලි කළයුතු බවයි ශ්‍රී ලංකා කතෝලික සභාවේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ.

කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නාවික හමුදා නිළධාරීන් පිරිසක් විසින් ඊයේ කතෝලික ආගමික ස්ථාන කිහිපයකට දැනුම් දී තිබූ අතර ආරක්ෂක අමාත්‍යංශය පසුව දැනුම් දී තිබුණේ එවැනි කිසිදු අවදානමක් නොමැති බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ පාලකයන් රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජාතික ආරක්ෂාවද විහිළුවකට ගෙන ඇති බවක් හැඟී යන බවයි. පසුගියදා ගලගොඩඅත්තේ ඥානසාර හිමිද මෙවැනි ප්‍රහාරයක අවදානමක් තිබෙන බවට ප්‍රකාශයක් සිදුකර ඇති බව පෙන්වා දෙන පියතුමා පවසන්නේ එම ප්‍රකාශය සම්බන්ධයෙන්ද මේ දක්වා නිසි පරීක්ෂණ සිදුකර නොමැති බවයි.

Exit mobile version