Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ එවිට ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති මතය මනා ලෙස දැනගත හැකි බවය.

අම්පාර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

“මම ආණ්ඩුවට කියනවා, මේ වෙලාවේ ජනමතය විමසුවොත් බලාගන්න පුළුවන් ජනතාවගේ වේදනාව. මම අභියෝග කරනවා ආණ්ඩුවට. නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න. බොරුවට ජාත්‍යන්තරයට ගිහින් මැතිවරණය ගැන මුසාවාදා කියන්නේ නැතුව.”

Exit mobile version