Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 1 වන විට නොලැබුණොත් “ලොක් ඩවුන්” දිගු වෙිවි – රනිල් වික්‍රමසිංහ

ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නෑ

ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නෑ

ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 1 වන විට නොලැබුණොත්”ලොක් ඩවුන්” කිරීම ඔක්තෝම්බර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට ලොක් ඩවුන් ලිහිල් කිරීම ප්‍රමාද වුනේ ශ්‍රී ලංකාවට ඩීසල් සඳහා මුදල් ගෙවන්නට හැකියාව නොලැබුණු නිසා බව තමාට දැනගන්නට ලැබුණ බව කී වික්‍රමසිංහ මහතා මේ වන විට ආණ්ඩුව ඩීසල් සඳහා මුදල් ගෙවා තිබෙන අතර දැන් රටට ඩීසල් පැමිනෙමින් තිබෙන බව සැළ වී ඇතැයි ද කීය.

එම ඩීසල් ඔක්තෝම්බර් 1 වනදා වන විට නොපැමිණියහොත් තවදුරටත් ලොක් ඩවුන් කාලය දිගු කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමඟ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම ණය ක්‍රමයක් හරහා ලබා දෙන ලෙස ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව තමා මාධ්‍ය වාර්තාවල කියැවූ බවයි.

සාමාන්‍යයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් එසේ නොකරන නමුත් ලංකා විදේශ ඇමතිවරයා කළ ඉල්ලීම ඉටු විය යුතු යැයි තමා ප්‍රාර්ථනා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Exit mobile version