Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO)ලොහාන් ගැන උඩතලවින්නට ගිහින් අහන්න. එයා ගැන හරියටම කියල දෙයි – මනෝ ගනේෂන්

(VIDEO)ලොහාන් ගැන උඩතලවින්නට ගිහින් අහන්න. එයා ගැන හරියටම කියල දෙයි - මනෝ ගනේෂන්

(VIDEO)ලොහාන් ගැන උඩතලවින්නට ගිහින් අහන්න. එයා ගැන හරියටම කියල දෙයි - මනෝ ගනේෂන්

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රවලදී සිදු වූ සිදුවීම්වලට සම්බන්ධව ඉල්ලා අස් වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පිළිබඳව අනුරාධපුරයෙන් සහ වැලිකඩෙන් නොව ඔහුගේ දිස්ත්‍රික්කය වන මහනුවර උඩතලවින්න ප්‍රදේශයේ ජනතාවගෙන් විමසා සිටිය හොත් නිවැරදිම තොරතුරු දැනගත හැකි වනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

මේ මොහොතේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය පැවැත්වෙන අතර ඊට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පුන පුනා රට වෙනුවෙන් කතා කළද රට තුළින්ම ලකුණු අඩුකරගනිමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙවැනි සෙල්ලම් නතර කර ගත යුතු බවට ජනාධිපතිවරයා වෙත මනෝ ගනේෂන් මහතා අවධාරණය කරයි.

Exit mobile version