Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනාවෙන් මියගිය පුද්ගලයන් 2417කගේ ආදාහනයට ලක්ෂ 120ක්

කොරෝනාවෙන් මියගිය පුද්ගලයන් 2417කගේ ආදාහනයට ලක්ෂ 120ක්

කොරෝනාවෙන් මියගිය පුද්ගලයන් 2417කගේ ආදාහනයට ලක්ෂ 120ක්

කොවිඞ් රෝගය හේතුවෙන් ඉකුත් අගෝස්තු 31 දක්වා මියගිය පුද්ගලයන් 2417 දෙනකුගේ ආදාහන කටයුතු වෙනුවෙන් 1,20,85,000 ඒ ඒ ආදාහනාගාර අයත් පළාත් පාලන ආයතනවලට ලබාදීමට පියවර ගත් බව පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

එක් ආදාහනයකට රුපියල් 5000 බැගින් පුද්ගලයන් 2417ක් වෙනුවෙන් එම මුදල ලබා දී ඇත. පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල් යොමු කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

දකුණු පලාතේ මරණ 537ක්, සබරගමුව මරණ 488ක්, බස්නාහිර 399ක්, වයඹ 260ක්, මධ්‍යම 260ක්, ඌව 171ක්, උතුරු මැද 100 හා නැගෙනහිර පළාතේ 71ක් වශයෙන් ආදාහන සඳහා මෙම මුදල් වැය කර ඇත.

අවශ්‍යතාව මත ඕනෑම අවස්ථාවක කොවිඞ් මරණ ආදාහනය සඳහා වැය කරන මුදල් ප‍්‍රමාදයකින් තොරව කඩිනමනි ඒ ඒ පලාත් පලන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන් බවද හෙතෙම සඳහන් කළේය.

Exit mobile version