Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ නිපදවූ පළමු සේලයින් තොගය වෛද්‍ය අංශයට

ශ්‍රී ලංකාවේ නිපදවූ පළමු සේලයින් තොගය වෛද්‍ය අංශයට

ශ්‍රී ලංකාවේ නිපදවූ පළමු සේලයින් තොගය වෛද්‍ය අංශයට

මෙරට නිපදවූ පළමු සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශයට (5)බාරදී ඇත. මෙසේ බාරදී ඇති සේලයින් බෝතල් සංඛ්‍යාව ලක්ෂ දහයකට අධිකය.

මින් ඉදිරියට මෙරටට සේලයින් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පැවසීය.

මෙහි දෙවන පියවර වශයෙන් ඉදිරියේදි සේලයින් බෝතල් දෙකෝටි පනස් ලක්ෂයක් අපනයනය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීයව නිෂ්පාදනය කරන ලද සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශයට බාර දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසූවේ අවලාද, මඩ ප්‍රචාර, ගැරහුම් මධ්‍යයේ දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමේ අභියෝගය ජය ගත් බවයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ එස්.පී.එම්.සී ලේබලයෙන් පාරිභෝගිකයා අතට පත්වන්නේ උසස්ම ඖෂධ පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Exit mobile version