Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එ.ජා.ප යේ 75 වන සංවත්සර උත්සවය, තනතුර අත්හැරීමට රනිල් සූදානම් නැත!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදු වේවි යැයි නිවේදනය කර තිබුණ ද, තනතුර අතහැරීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නැත.

එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර උත්සවය එළඹෙන සැප්තැම්බර් මස 6 වන දින පැවැත්වීමට තීරණය කර ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් පක්ෂ මූලස්ථානය තුළ සීමිත සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පක්ෂ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කරනු ලැබූ කමිටුවේ යෝජනා සමුළුව වෙත ඉදිරිපත් කර ඇති අතර, බිම් මට්ටමේ දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරිමේ යෝජනා ද එහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, කවදා නවකයන් වෙත වගකීම් භාර දෙන්නේ දැයි යන නිවේදනය ඔහු සමුළුවේ ප්‍රකාශයට පත් කළ හැකි අතර, 2022 සැප්තැම්බර් දක්වා රනිල්ම එම තනතුරේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Exit mobile version