Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පොලිස් නිලධාරීන් පිරිසක් කළ ප්‍රකාශය හෙළාදකින බව සර්ව ආගමික නායකයෝ ඒකාබද්ධ නිවේදනයක්

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මාධ්‍ය හමුවේ දී ඉකුත් දා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව සර්ව ආගමික නායකයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්වී ඇතැයි එම ආගමික නායකයන් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

කොළඹ කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක හා කොළඹ නව කෝරළේ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක පරකඩුවේ සරණංකර හිමි, බියගම ත්‍රෛනිකායික භික්‍ෂු බලමණ්ඩලයේ ලේඛකාධිකාරී බෙලිගල අමරසිරි හිමි, කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා, අගදරගුරු පදවි ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා, මීගමුව පෙරියමුල්ලේ ෂෙයින් අබ්දුල්ලා අබ්දුල් රාමන් මවුලවිතුමා, මීගමුව අධිකරණ ප්‍රදේශය භාර මොහොමඩ් මුහජරීන් මවුලවිතුමා, ශ්‍රී ලංකා හින්දු පූජක සංගමයේ ලේකම් ආර්. දර්ශක ෂර්මා කුරුක්කල්තුමා සහ ශ්‍රී ලංකා හින්දු කුරුක්කල් පූජක සංගමයේ සභාපති වෛතීෂ්වර කුරුක්කල්තුමා යන ආගමික නායකයන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේය.

Exit mobile version