Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘‘පහත වැටුණු ඉන්ධන මිලේ සහනය පාරිභෝගිකයාටත් දෙන්න‘‘ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

‘‘පහත වැටුණු ඉන්ධන මිලේ සහනය පාරිභෝගිකයාටත් දෙන්න‘‘ - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

‘‘පහත වැටුණු ඉන්ධන මිලේ සහනය පාරිභෝගිකයාටත් දෙන්න‘‘ - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීමට සමගාමීව ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් මගින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62.14 ක් දක්වා (20) වන විට පහත බැස තිබූ බවත් කී රංජිත් විතානගේ මහතා මෙරට අවසාන ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබූ පසුගිය ජූනි 11 වැනි දින බොරතෙල් බැරලයක මිල සහ අද වන විට බොරතෙල් බැරලයක මිල සංසන්දනය කිරීමේදී ඇමරිකානු ඩොලර් 8.77 ක් අඩුවී එය ප්‍රතිශතයක් සියයට 12 ක් බවත් සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළයාම හේතුවෙන් වර්තමාන මුදල් අමාත්‍යවරයා පත්වීමට පෙර මෙරට ඉන්ධන මිල ඉහළ දැමූ බවත් ඒ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70.91 ක් වූ අතර පසුගිය ජූලි මස 30 වන දින විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.95 ක් දක්වා ඉහළ ගියද ඉන්පසු බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් පහත වැටුණු බවත් ඒ මහතා පෙන්වා කියයි.

මෙරට ඉන්ධන පාරිභෝගිකියින්ට දැනෙන ඉන්ධන සහනයක් ලබාදීම සදහා මෙරට ඉන්ධන මිල අඩුකළ හැකි බව පෙනී යන බවත් ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ලබා ගැනීම නිසා එම සමාගම අධික ලෙස ලාභ ලැබීමෙන් මෙරට මුදල් විදේශ රටවලට ඇදීයාම සිදුවන බවත් විතානගේ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

Exit mobile version