Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාත්‍රා දෙකම ගත් අයගෙන් බෝවීමේ හැකියාව 65%කින් පහළට – ආචාර්ය චන්දිම ජීවන්දර

රෝග පාලනය සහ රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක්; මාත්‍රා දෙකම ගත් අයගෙන් බෝවීමේ හැකියාව 65%කින් පහළට - ආචාර්ය චන්දිම ජීවන්දර

රෝග පාලනය සහ රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක්; මාත්‍රා දෙකම ගත් අයගෙන් බෝවීමේ හැකියාව 65%කින් පහළට - ආචාර්ය චන්දිම ජීවන්දර

කොරෝනා වයිරස මර්දනය සඳහා නිර්දේශිත එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට වයිරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සියයට 65කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා (20) පැවසුවේය.

යම් පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිත වූ මොහොතේ සිට දින භාගයක කාලයකට පසු තවත් පුද්ගලයකුට වයිරසය ආසාදනය කිරීමේ හැකියාව තිබෙන නමුත් ඩෙල්ටා වයිරස ප්‍රභේදය ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයකුට වයිරසය ආසාදනය වීම ඇරඹෙන්නේ දින දෙකක කාලයකට පසුව බවද චන්දිම ජීවන්දර මහතා කීවේය.

මෙතෙක් පැවති කොරෝනා වයිරස ප්‍රභේද ආසාදිතයකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින තුනක පමණ කාලයක් ගත කළත්, ඩෙල්ටා වයිරස ප්‍රභේදය ආසාදිතයකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින පහමාරත් හයත් අතර කාලයක් ගත කරන බවත් හෙතෙම පැවසීය.

ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තිය චීනයෙන් සොයා ගත් පළමු වයිරසයට වඩා සිව් ගුණයක්ද ඇල්ෆා වයිරසයට වඩා දෙගුණයක්ද වන අතර රෝග පාලනය සහ රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක් බවද චන්දිම ජීවන්දර මහතා කීවේය.

Exit mobile version