Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ ආර්ථිකය විනාශ කරන්නයි විපක්ෂය රට වහන්න බල කරන්නේ – පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය රට වහන්න බල කරන හේතුව මොකද්ද?

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය රට වහන්න බල කරන හේතුව මොකද්ද?

රට සම්පූර්ණයෙන්ම වසා දමන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය බල කර සිටින්නේ ජනතාව පිළිබද ඇති ආදරයකින් නොව රටේ ආර්ථිකය විනාශ කර දමා බරපතළ තත්ත්වයකට රට ඇද දැමීමේ අරමුණින් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

(21) දඹුලලේ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ගොවි මහත්වරුන් මුණ ගැසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේය.

මේ තත්ත්වය ජනතාව තේරුම් ගත යුතු බවත්, රට වසා දැමීමෙන් එදිනෙදා ජීවිකාව කරනා ජනතාව දැඩි අසීරුතාවට පත් වන බවත් තෙන්නකෝන් මහතා කියා සිටියේය.

Exit mobile version