රට සම්පූර්ණයෙන්ම වසා දමන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය බල කර සිටින්නේ ජනතාව පිළිබද ඇති ආදරයකින් නොව රටේ ආර්ථිකය විනාශ කර දමා බරපතළ තත්ත්වයකට රට ඇද දැමීමේ අරමුණින් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
(21) දඹුලලේ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ගොවි මහත්වරුන් මුණ ගැසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේය.
මේ තත්ත්වය ජනතාව තේරුම් ගත යුතු බවත්, රට වසා දැමීමෙන් එදිනෙදා ජීවිකාව කරනා ජනතාව දැඩි අසීරුතාවට පත් වන බවත් තෙන්නකෝන් මහතා කියා සිටියේය.