Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරූ පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගැනේ – පොලිස්පති අජිත් රෝහණ

ඉතියෝපියාවට විතරක් දෙවැනි වූ ලංකාවේ “SEX” සෙවිල්ල

ඉතියෝපියාවට විතරක් දෙවැනි වූ ලංකාවේ “SEX” සෙවිල්ල

ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ඔවුන් ලබන සතියේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ක්‍රියාත්මක බවයි.

මේ අතර, ලංකාවේ කුමන ප්‍රදේශයක සිට එවැනි අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරියද , ඒ පිළිබඳව හඳුනා ගැනීමට හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

06වන දින බඩල්කුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඔහු විසින් අසභ්‍ය දර්ශන 500 ක් පමණ අන්තර්ජාලයට යොමු කර තිබේ.

ඒ , ව්‍යාජ FaceBook ගිණුම් හරහා ය.

අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Exit mobile version