Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියළු මරණවලට කොරෝනා මර්ධන බලකාය වගකිව යුතුයි; විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

IMF ඉවර වෙන තුරු මැතිවරයකට අවස්ථාවක් නැ - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

IMF ඉවර වෙන තුරු මැතිවරයකට අවස්ථාවක් නැ - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

කොරෝනා ආසාදිතව මෙරට මිය යන සියලු පුද්ගලයන්ගේ මරණ වලට වගකීම කොරෝනා මර්ධන බලකාය විසින් භාරගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අද වන විට කොවිඩ් වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්ත වී ඇති බවත් බොහෝ පිරිසක් දෛනිකව මියයන බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා එම සංඛ්‍යා ලේඛනවලද ගැටලු ඇති බව කියා සිටියේය.

එනිසා රජය වහාම කොරෝනා මර්ධන බළකාය විසුරුවා හැර නීත්‍යානුකූලව ඇති ආයතන මාර්ගයෙන් කොරෝනා මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය. එසේ නොකළහොත් ශ්‍රී ලංකාව 21 වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ආණ්ඩුව කොරෝනා මර්දනයට ගෙන යන ක්‍රමවේද අසාර්ථක යැයි කී ඔහු තවත් ප්‍රමාද නොකර නීත්‍යානුකූලව ස්ථාපිතව ඇති ආපදාකළමනාකරණ මණ්ඩලය මඟින් මේ අර්බුදයෙන් ගොඩ ඒමට සැලසුම් සැදිය යුතු බවද කියා සිටියි.

තවද කොවිඩ් මර්දනය සඳහා වහාම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් ස්ථාපිත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එන්නත ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදුනොකර යුද හමුදාව යටතේ සිදුකිරීම පිළිගත නොහැකි බවද පැවසු ඒ මහතා, වයස අවුරුදු 12ට වැඩි සියලුදෙනාට එන්නත ලබාදිය යුතු බවද පැවසීය.

වෛද්‍ය හා සෞඛ්‍ය කේෂ්ත්‍රය නිසාවෙන් ජීවිත බේරී තිබුණද අද වන විට ඔවුන්ටද රජය ඇහුම්කන් නොදෙන බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, වෛද්‍යවරු ලොක් ඩවුන් කරන්න යැයි ඉල්ලා තිබිය දී එය ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමට හේතු පැහැදිලි කළ යුතුව ඇතැයි ද කියා සිටියේය.

“WHO ආයතනය යටතේ විශේෂඥයින්ගේ වෙනම කොමිටියක් තියෙන්න ඕනේ. අද එහෙම කොමිටියක් ලංකාවේ විතරයි නැත්තේ. අනෙක් හැම රටකම එහෙම කොමිටියක් තියෙනවා. වහාම වෛද්‍ය විශේෂඥයින් එකතු කරගෙන මේ කොමිටිය රජය ඇති කළ යුතුයි.”

ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාලය ඔස්සේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් ය.

Exit mobile version