Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙල්ටා රටපුරා ලැව්ගින්නක් මෙන් පැතිරෙමින් තිබෙනවා, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදින්න – රජය

රටපුරා ලැව්ගින්නක් මෙන් පැතිරෙමින් යන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදින ලෙස ආණ්ඩුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ මහජනතාව හැකි ඉක්මනින් එන්නත්කරණය සිදුකල යුතු බවත්, අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරව නොයා යුතු බවත්ය.
එමෙන්ම සමාජ දුරස්ථභාවය මීටර් දෙකක් තබා ගත යුතු බවත්, උත්සව සහ සම්භාෂණ සඳහා සහභාගී නොවී සිටින ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version