Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මොඩර්නා එන්නත හේතුවෙන් අතුරු ආබාධ ඇතිවනවාලු – බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් පැමිණිලි

විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර, ඇමරිකාවේ නිෂ්පාදිත ‘මොඩර්නා’ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. එම සංවිධානයේ අධ්‍යක්ෂ අඟුලුගල්ලේ ජිනානන්ද හිමි ඊයේ මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

එන්නත් හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව කිසිදු තැකීමක් නොකර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු වගකිව යුතු බළධාරීන් අවිධිමත් ලෙස කටයුතු කරමින් මෙම එන්නත මෙරටට ගෙන්වා ඇති බවයි ජිනානන්ද හිමි පවසන්නේ. දෙස් විදෙස් විශේෂඥයන් විශාල පිරිසක් මොඩර්නා එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව මෙන්ම එහි අඩංගු ශරීරයට අහිතකර සංඝටක පිළිබඳව පෙන්වා දී තිබියදී සෞඛ්‍ය බළධාරීන් ඒවා පිළිබඳව කිසිදු තැකීමක් කර නොමැති බවයි ජිනානන්ද හිමි පෙන්වා දෙන්නේ.

Exit mobile version