Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොතලාවල පනතට ශ්‍රිලනිපයේ සහායත් නැහැ

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට පොරොන්දු වූ බව අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසා සිටියි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එහි නියෝජිතයන් මේ බව සඳහන් කර සිටියේය.

කොළඹ විශ්විවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකේෂ චන්ද්‍රසේකරන් ඇතුළු පිරිසක් මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණි.

Exit mobile version