Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චන්න ජයසුමනගෙන් සැර කතා ටිකක්

චන්නගෙන් සැර කතා ටිකක්

චන්නගෙන් සැර කතා ටිකක්

කොවිඩ් වසංගතය පාලනය වෙලා කියා වරදවා වටහාගන්න එපා!

සංචරණ සීමා ලිහිල් කර ඇතත් කොවිඩ් වසංගතය පාලනය වී ඇතැයි හෝ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් අවදානමක් නැතැයි යනුවෙන් කිසිවෙකු වැරදි වැටහීමක් ඇතිකර නොගත යුතු බව අමාත්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි.

“අද දිනයේ සිට සංචරණ සීමා ලිහිල් කරලා තියෙන්නෙ ඇත්තටම රාජ්‍ය සේවයේ කටයුතු අඛණ්ඩව ක්‍රමානුකූලව කරගෙන යෑමට. ඒකෙන් වැරදි වැටහීමක් කිසිකෙනෙක් ඇතිකරගන්න නරකයි කොවිඩ් වසංගතය පාලනය වෙලා තියෙන්නෙ, ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රශ්නයක් නැහැ කියලා.

ඇත්තටම ඒ පිළිබඳ ලොකු අවදානමක අප සිටින්නේ. නමුත් මේ රට යම් ආකාරයකට විවෘත කරලා තියෙන්නෙ සංචරණ සීමා ලිහිල් කරලා තියෙන්නෙ ජනතාවගේ පහසුව සඳහා රාජ්‍ය සේවය තවත් කාර්යක්ෂම කරලා ජනතාවට සේවය ලබාදෙන්න. හැබැයි ඒකෙන් අනිසි ප්‍රයෝජන ගන්න හදන්න එපා. ඒක වැරදියට පාවිච්චි කළොත් එහෙම අපට තව සති දෙක තුනක් යනකොට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒක නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මේ වෙලාවෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ (01) දිනයේදී රූපවාහිනී නාලිකාවක් වෙත ප්‍රකාශයක් කරමිනි.

සමහරුන්ට ඕනෙ ෆයිසර් හරි මොඩර්නා හරි විතරයි

ඇතැම් පුද්ගලයන් ඔවුන්ට අවශ්‍ය එන්නත් තෝරා ගැනීමට සූදානම් ‍වීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. එම පුද්ගලයන් ෆයිසර් හෝ මොඩර්නා එන්නත හැර වෙනත් එන්නත් ලබා නොගැනීමේ ස්ථාවරයක සිටිමින් කටයුතු කරන බවත්, එය ඉතා අවදානම් සහගත වියහැකි බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ හොඳම විසඳුම පහසුවෙන් ලබාගත හැකි ඕනෑම එන්නතක් ලබා ගැනීම බවයි.

අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය අවසන් වූ වහාම අවුරුදු 18-30 වයස් කාණ්ඩයේ පුද්ගලයන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය එන්නත් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් ජයසුමන මහතා සඳහන් කරනවා.

(02) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සතියේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ලැබීමට නියමිතව තිබෙන බවයි.

Exit mobile version