Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙංගු හිස ඔසවයි; අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36ක් දක්වා ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36ක් දක්වා ඉහළට

මේ වනවිට මෙරට ඩෙංගු වෛරසය ව්‍යාප්තිය වැඩි වීමක් දක්නට ලැබෙන බවත් මෙම වසරේ මේ දක්වා ගෙවුණු කාල තුළ ඩෙංගු රෝගීන් 16,000ක් හඳුනාගෙන ඇති බවත් දිවයිනේ දිස්ත්‍රික් 10ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් සඳහන් කරන්නේ පසුගිය ජනවාරි මස පළමු වන දා සිට මේ දක්වා ආසන්න වශයෙන් ඩෙංගු රෝගීන් 16,000කට අධික සංඛ්‍යාවක් රෝහල් ගතව ඇති බවත් මෙම වසර තුළ මේ වනවිට ඩෙංගු රෝගයෙන් පුද්ගලයන් 07 දෙනෙකු මරණයට පත්ව ඇති බවත්ය.

වාර්තා වන සෑම ඩෙංගු රෝගීන් 10 දෙනකු අතරින් 07 දෙනකුම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරයි.

කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, ගම්පහ, කළුතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 10ක මේ වනවිට ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇතැයිද ජලය එක්රැස් විය හැකි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීම සිදුවන බැවින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරන ලෙසත් ඇය ඉල්ලීමක් කරයි.

මදුරුවන් වඩාත් සක්‍රිය වන්නේ උදේ 6.00ත් 10.00ත් අතර සහ සවස 3.00ත් 7.00ත් අතර කාලය තුළ බැවින් දිවා කාලයේ දරුවන් නිදාගන්නා විට මදුරු දැලක් භාවිත කරන ලෙසත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

Exit mobile version