Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

PCR සාම්පල් ගනිද්දී රිදුණැයි කියා හිමිනමක් හෙදියකට පිඟානෙන් ගහලා, හිසට බරපතළ තුවාල

ආණමඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂුන් වහන්සේ නමක් විසින් පිඟානකින් පහරදීම නිසා තුවාල ලැබූ හෙදියක් 26වන දින ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල් ලබාගැනීමේදී තමන් වේදනාවට පත්වූ බව පවසමින් අදාළ භික්ෂුව හෙදියට පෝසිලේන් පිඟානකින් පහරදී ඇති බව සඳහන්.

එම ප්‍රහාරයෙන් හිසට බරපතළ තුවාල සිදුවූ හෙදිය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පහර දුන් භික්ෂුව ආණමඩුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය.

Exit mobile version