Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ නිෂ්පාදිත දුම්රිය මැදිරි 30ක් මෙරටට, තව එකසිය විස්සක් ලැබීමට නියමිතයි

දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත කුරහන්පාට දුම්රිය මැදිරි 30ක් මෙරටට

දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත කුරහන්පාට දුම්රිය මැදිරි 30ක් මෙරටට

කොරෝනා වසංගත පෙර ඉන්දියාවෙන් ඇනවුම් කළ දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඇණවුම් කරනු ලැබූ මැදිරි තිහක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බව දුම්රිය නියෝජ සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න මහතා පැවසීය.

මෙම කුරහන් පැහැගත් දුම්රිය මැදිරි ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මැදිරි බවද ඒ මහතා පැවසීය. මෙරටට ගෙන එනු ලැබූ මැදිරි තිහේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 147ක් බව අසේල පතිරත්න මහතා පැවසීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් දහයක් 2021 මාර්තුමස මෙරටට රැගෙන ආ අතර 25 දින ලැබී ඇති මැදිරි තිහ සමග ලැබී ඇති මැදිරි මුළු ගණන 40ක් බවද ඔහු පැවසීය.

ඒ අනුව ඇනවුම් කොට ඇති මැදිරි 160 යටතේ තවත් මැදිරි එකසිය විස්සක් ලැබීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

Exit mobile version