Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) දරුවන් දිගටම Online අධ්‍යාපනයේ නිතරවීම නිසා අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක්

(VEDIO) දරුවන් දිගින් දිගටම Online අධ්‍යාපනයේ නිතරවීම නිසා අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් - වෛද්‍ය දීපානී වේවැල්ල

(VEDIO) දරුවන් දිගින් දිගටම Online අධ්‍යාපනයේ නිතරවීම නිසා අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් - වෛද්‍ය දීපානී වේවැල්ල

දරුවන් දිගින් දිගටම ඔන්ලයින් අධ්‍යාපනයේ නිතරවීම නිසා ඔවුනට අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් ඇතැයි කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානී වේවැල්ල මහත්මිය පවසන්නීය.

ඔන් ලයින් පන්තිය අතර තුර දරුවන් ඇස්පිල්ලන් ගැසීමට උනන්දුවක් දැකිවිය යුතු බවද විටින්විට ඇස් වෙනත් දිශාවන්ට යොමු කළ යුත් බවද විශේෂඥ වෛද්‍යවරිය කියන්නීය.

එකදිගට ලැප්ටොප් එකක් දිහා හෝ ජංගම දුරකතන තිරයක් දෙස බාලසිටීම නිසා ඇස්පිල්ලන් ගැසිම නතරවන අතර එමගින් ඇස්වල වියලි ස්වභාපයක් හටගන්න බවද වේවැල්ල මහත්මිය කිවාය.

ඇස්වල වියළි ස්වභාවය නැති කර ගැනීමට ඇස්පිල්ලන් ගැසිය යුතු බවද ඔන් ලයින් පන්තිය අතර තුර විනාඩ් 20කට වරක් තත්ත්පර 20ක්වත් ඇස්පිල්ලන් ගැසීම අත්‍යවශ්‍ය බවද විශේසඥ වෛද්‍යවරයි පැවැසූවාය.

Exit mobile version