Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන රෝගීන්ගෙන් රෝහල් පිරෙයි; ඔක්සිජන් අවශ්‍යතාවය සීග්‍ර ලෙස ඉහළට – වෛද්‍යවරුන්

ශ්‍රී ලංකාවේ කොවිඩ් සහ ඩෙල්ටා ප්‍රභේදය: රටේ "ආර්ථිකය ද? ජීවිතය ද? - මහාචාර්ය සුනෙත් අගම්පොඩි

ශ්‍රී ලංකාවේ කොවිඩ් සහ ඩෙල්ටා ප්‍රභේදය: රටේ "ආර්ථිකය ද? ජීවිතය ද? - මහාචාර්ය සුනෙත් අගම්පොඩි

ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අසීරුතාවයකට මුහුණදී ඇතැයි ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

ජාතික රෝහල් පද්ධතිය තම උපරිම ධාරිතාවට පැමිණ ඇති බවත් ඉඩකඩ නොමැතිවිම හේතුවෙන් රෝගීන් මූලික රෝහල් වලට මාරුකර යැවීමට උත්සාහ කලද මුලික රෝහල්ද තම උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ඩේලිමිරර් පුවත්පත වැඩිදුරටත් අණාවරණය කරයි. රෝහල් තුල ඔක්සිජන් අවශ්‍යතාවය සීග්‍ර ලෙස ඉහළගොස් ඇති අතර ඉදිරියේදී අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් වේවිද යන සැකය පවතින බවද වාර්තා වේ.

ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වන ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් සමාජය තුල පැතිර ඇතැයි ද ඉදිරි දිනවලදී තත්වය තවත් බරපතල වනු ඇතැයිද වෛද්‍යවරුන් බිය පලකරයි.
-Lankatruth

Exit mobile version