Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ්-19 වැළඳුණු දරුවන්ගෙන් 5,000කින් එක් අයෙකුට MIS රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් – මහාචාර්ය පූජිත වික්‍රමසිංහ

කොවිඩ්-19 වැළඳුණු දරුවන්ගෙන් 5,000කින් එක් අයෙකුට MIS රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් - විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ

කොවිඩ්-19 වැළඳුණු දරුවන්ගෙන් 5,000කින් එක් අයෙකුට MIS රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් - විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ

කොරෝනා වෛරසය අසාදනය වී සුවය ලැබූ දරුවන්ගෙන් 5,000කින් එක් අයෙකුට Multisystem Inflammatory Syndrome හෙවත් බහු ඉන්ද්‍රීය පද්ධති ප්‍රදාහය වැළඳීමේ ප්‍රවණතාවක් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසයි.

මහාචාර්යවරයා අවධාරණය කළේ, කොරෝනා වෛරසය පැතිර යාම වැඩි වීමත් සමගම යම් ප්‍රමාණයකට මෙම රෝගයද පැතිර යාමේ ප්‍රවණතාවක් ද පවතින බවය.

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස උදරය ආශ්‍රිතව අසාමාන්‍ය සංකුලතා මතුවීම සහ සම මතුපිට විශාල ප්‍රමාණයේ කුට ඇතිවීම බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, ශ්වසන රෝග සහ පාචනය මේ කාලයේ බහුලව දරුවන් අතර පැතිර යන රෝග බවත් ඒ අතරතුර මෙම රෝගී තත්ත්වයද පැතිර යාමේ අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා පැවසීය.

යම් හෙයකින් තම දරුවා එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම්, ප්‍රමාද නොකර රෝහලකට ගෙන ගොස් සායනික හඳුනා ගැනීම් සිදු කිරීමට පෙළඹෙන ලෙසත් මේ වෙලාවේ එය ඉතා වැදගත් ක්‍රියාවක් බවත්, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ අවධාරණය කළේය.

කොවිඩ්-19 රෝගය හේතුවෙන් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 10ක් පමණ මිය ගොස් ඇති බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version