Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංකොලොත් තත්වයේ පවතින ශ්‍රී ලංකන් ගුවන්යානවල කෝටි ණනක වියදම්න් ස්ටිකර් ඇලවීමට යයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

බංකොලොත් තත්වයට පත්වෙමින්, වසා දැමීමට පවා නිර්දේශව තිබෙන ශ්‍රී ලංකන් ගුවන්සමාගම රුපියල් කෝටි ණනක මුදලක් වියදම් කරමින් සිය ගුවන්යානවල මහනුවර දළදා පෙරහැරේ ස්ටිකරයක් ඇලවීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

මේ සඳහා එයාර්බස් A330-300 වර්ගයේ 4R-ALP ගුවන්යානය යොදා ගැනීමට සැලසුම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ ස්ටිකර් ඇමරිකාවෙන් ලබාගැනීමට නියමිත අතර අමුද්‍රව්‍ය වලට පමණක් යන වියදම රුපියල් ලක්ෂ 78ක් පමණ වන බවත්, මෙහි අනෙක් සියලු කටයුතු සමගින් ගුවන්යානයක ස්ටිකර් අලවා අවසන් කරන විට එම වියදම රුපියල් කෝටියත් ඉක්ම වනු ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වනවා.
ඉන් අනතුරුව තවත් මෙවැනි ගුවන්යානා 6ක මෙලෙස ස්ටිකර් ඇලවීමටත් සැලසුම් කර තිබෙනවා.

Exit mobile version