Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තැන් දෙකකදී එන්නත එපා කී අනුර කුමාර අන්තිමේදී පුරවැසියෙක් ලෙස විදගනී

පුරවැසියෙක් ලෙස මාහට හිමි එන්නත ලබාගතිමි - අනුර කුමාර

පුරවැසියෙක් ලෙස මාහට හිමි එන්නත ලබාගතිමි - අනුර කුමාර

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා (14) පෙරවරුවේ කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබේ.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, “(14) දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගතිමි,” යනුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සහ යුද හමුදා රෝහලේදී කොවිඩ් මර්දන එන්නත පසුගිය දිනවල ලබා ගත්හ. එහෙත්, අනුර දිසානායක මහතා ඒ ස්ථානවලින් එන්නත් ලබා නොගතේය . මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇත.

Exit mobile version