Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිජාස් සහ අහ්නාෆ් නිදහස් කරන ලෙස ඉල්ලා විද්වතුන් සියයකට ආසන්නකගේ අත්සනින් යුතු නිවේදනයක්

ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා කලාපය හෙළා දකිමින්, හිජාස් සහ අහ්නාෆ් නිදහස් කරන ලෙසත් ඉල්ලා විද්වතුන් සියයකට ආසන්නකගේ අත්සනින් යුතු නිවේදනයක්

ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා කලාපය හෙළා දකිමින්, හිජාස් සහ අහ්නාෆ් නිදහස් කරන ලෙසත් ඉල්ලා විද්වතුන් සියයකට ආසන්නකගේ අත්සනින් යුතු නිවේදනයක්

හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජාසීම් මේ වන විට වසරක කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත තබා ගැනීම, මෙරට මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා හා මෙරට සිදු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා කලාපය හෙළා දකිමින් ඒ සඳහා ක්‍රියා කිරීමට මහජනයා එක්රැස් වෙන ලෙස ඉල්ලීමක් කරමින් මෙරට වෙසෙන විද්වතුන් 96කු විසින් යෝජනාවක් ඉදරිපත් කර තිබෙනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබෙන ඔවුහු, ඒකාබද්ධ නිවේදනයකටද අත්සන් තබා තිබේ. මෙම ඒකාබද්ධ ප‍්‍රකාශය සදහා රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක,ආචාර්යවරු සහ මහාචාර්යවරු අනූවකට වැඩි පිරිසක් අත්සන් තබා තිබෙති.

නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අපේ‍්‍රල් 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අහ්නාෆ් ජාසීම්, 2020 මැයි මාසයේ 16 වන දා අත් අඩංගුවට ගනු ලැබීය.

මොවුන් දෙදෙනා මෙසේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රදවා තබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් යුරෝපා සංගමයත් සිය කණස්සල්ල පළ කර තිබුණි.

හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජාසිම් රදවා තබා ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් අදාල ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා ඇති
සම්පූර්ණ් වාර්තාව :






Exit mobile version