Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්තේ සෞඛ්‍ය සේවා ලොක්කාගේ කීමට – පොලිස් ඇමති

පසුගිය දිනවල රටපුරා විරෝධතා ව්‍යාපාරවල නියැලි සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ චෝදනව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත එල්ල කල යුතු යැයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පවසයි.
ඊයේ පාර්ලිමේන්තුවේදි ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් සරත් විරසේකර ඇමතිවරයාගෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ කාගේ නියෝග වලට අනුව දැයි ප්‍රශ්න කල අවස්ථාවේ ඊට පිලිතුරු ලෙස “අත්අඩංගුවට ගැනීම් ගැන පොලිස්පතිට චෝදනා කරන්න එපා. චෝදනා කරන්න ඕනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට” යනුවෙන් පැවසිය.
මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් කැඳවූ ජාතික ජනබලවේගයේ නිතීඥ කණ්ඩායම විසින් අවධාරණය කලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විසින් නිකුත් කලායැයි කියන ලිපියට කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බවයි.

Exit mobile version