Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රන්ජන්ගේ අනාවැකිය පළ දේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ දී පෙරවරු 10ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරමින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙතෙක් අගමැතිවරයා යටතේ තිබූ මුදල් අමාත්‍යාංශය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත් කර එය වෙනම අමාත්‍යාංශයක් ලෙස පිහිටුවා ඇති අතර ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධුරය නමින් නව අමාත්‍ය ධුරයක්ද පිහිටුවා තිබේ.

ඒ අනුව, “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය මත පිහිටා ආර්ථික වර්ධනය හා සමාජයීය ප්‍රගතිය වේගවත් කිරීම සඳහා අදාළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම මෙම අමාත්‍ය ධූරයේ විෂය පථය බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

සම්පූර්ණ ගැසට් පත්‍රය මෙතැනින් කියවන්න: http://www.documents.gov.lk/files/egz/2021/7/2235-45_S.pdf

 

Exit mobile version