ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දුන් බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමට සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීමට ජුනි 21 වැනි දා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවට ද යුරෝපා සංගමයට දැනුම් දුන් බව විදේශ අමාත්‍යාංශය කියයි.
මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව ජූනි 24 වැනි දින පත් කරනු ලැබූ බව ද විදේශ අමාත්‍යාංශය කියයි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බලන බවට යුරෝපා සංගමයට දැනුම් දුන්නා – විදේශ අමාත්‍යංශය
