Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මේ සතියේ ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවිය යුතුයි, නැතහොත් ලංකාව බංකොලොත් – බන්දුල : එහි සත්‍යතාවයක් නැත – කබ්රාල්

මේ සතියේ ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවිය යුතුයි, නැතහොත් ලංකාව බංකොලොත් – බන්දුල : එහි සත්‍යතාවයක් නැත - කබ්රාල්

මේ සතියේ ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවිය යුතුයි, නැතහොත් ලංකාව බංකොලොත් – බන්දුල : එහි සත්‍යතාවයක් නැත - කබ්රාල්

ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණය සදහා ණය වාරික ලෙස ඇමරිකානු ඩොලර් බිලියනක මුදලක් මේ සතිය තුළ ගෙවිය යතුව ඇති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එම ණය මුදල ගෙඵීමට අපොහොසත් වුවහොත් ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වන බව අමාත්‍යවරයා පවසයි.

ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට පැමිණ ලංකාව මේ වන විට නතර වී සිටින්නේ සී ශ්‍රේණියේය. ශ්‍රේණිගතකිරීම් වල තවත් පහළට යෑමේ තැනක් නැති බවත්, ඊළග පියවර වන්නේ පැදුරෙන් බිමට වැටීමක් බදු බංකොලොත් භාවයට පත් වීමක් බව අමාත්‍යවරයා පවසයි. නෙත් ගුවන් විදුලිය සමග පැවති සම්මුඛ සාකච්ඡුාවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

මේ අතර මීට මාස දෙකකට පමණ පෙර හිරු ටීවී සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසා සිටියේ, තමන් මහබැංකු අධිපතිවරයාව සිටි සමයේ සිටම රට බංකොලොත් වීමට යන බව ප‍්‍රචාරය කරන නමුත් එහි සත්‍යතාවයක් නැති බවයි. රට අස්ථාවර කිරීම සදහා එවැනි කතා ප‍්‍රකාශ කරන නමුත් එවැනි කතාවලට පදනමක් නැති බව අමාත්‍යවරයා එම සංවාදයට සහභාගී වෙමින් පවසා සිටියේය.

Exit mobile version