Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව ලබා ගත් කෝටි ගණනක ණය මායාව පිළිබඳ විමර්ශනයෙන් පසු හෙළි වූ විශ්මජනක පුවත…

ශ්‍රී ලංකාව ලබා ගත් කෝටි ගණනක ණය මායාව පිළිබඳ විමර්ශනයෙන් පසු හෙළි වූ විශ්මජනක පුවත...

ශ්‍රී ලංකාව ලබා ගත් කෝටි ගණනක ණය මායාව පිළිබඳ විමර්ශනයෙන් පසු හෙළි වූ විශ්මජනක පුවත...

චීනයෙන් ලබා ගත් ණය සම්බන්ධයෙන් “verite reseach” ආයතනය මගින් කරන ලද විශේෂ විමර්ශනයෙන් ශ්‍රී ලංකාව විදේශවලින් ලබා ගත් ණය පිළිබඳ තොරතුරු වාර්තා වීම පරස්පර බව සොයාගෙන ඇත.

රටක් වශයෙන් ඒ ඒ රටවල්වලින් ලබා ගත් ණය කුමන රටකින් ලබා ගත් ණය ද යන්න පැහැදිලි තොරතුරු නැති බවද , රජය විදේශ ණය ප්‍රමාණය සත්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් සඳහන් කර ඇති බවද , සමහර විදේශ ණය ලබා ගනිද්දී ඒවා අතුරුදහන් වී ඇති බවද යන කරුණු තුන verite research විමර්ශනයේ දී හෙළි වූ විමතිය දනවන කරුණු බවට හෙළි වී ඇත.

ණය ලබා ගත් මූලාශ්‍ර සඳහන් කිරීම රජයේ ආයතන ලබා ගත් විදේශ ණයට එකතු නොකිරීම හේතුවෙන් 2019 වර්ෂයේ ශ්‍රී ලංකා රජය චීනයට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය සත්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ඇස්තමේන්තු කර ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මේ වසරේ චීනයට ඇමරිකානු ඩොලර් මිලියන 5429ක් ගෙවිය යුතුය වුවත් ඇමරිකානු ඩොලර් මිලියන 3387ක් ලෙස සටහන් කර ඇත.

2017 – 2013 අතර කාලය තුළ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා භාණ්ඩාගාරයෙන් ලබා ගත් ණය 2014 වර්ෂයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිණුමට මාරු කර නැවත 2017 වර්ෂයේ භාණ්ඩාගාර ගිණුමට ආපසු මාරු කර ඇති බව විමර්ශනයේ දී හෙළි වී ඇත. විමතියට කරුණ වන්නේ මෙම ණය ප්‍රමාණය 2019 වර්ෂයේ දී ගෙවිය යුතු ඉතිරි ණය ප්‍රමාණය භාණ්ඩාගාර ගිණුමේ හෝ වරාය අධිකාරී ගිණුමේ සඳහන් කර නොමැති බව අනාවරණය වී තිබීමයි.

– TN

Exit mobile version