Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තීන්දුවක් නොමැතිව දිගු කලක් හිරේ ඉන්න අයට සාධාරණය ඉටු කරන්න – නාමල් රාජපක්ෂ

තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටින තරුණ සැකකරුවන්ගේ ජීවිතවලට යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ඉල්ලීමක් කළේය.

ඇතැම් අය නඩු නිමිත්තක්වත් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරවල සිටින බව පැවසූ ඇමතිවරයා නඩු තීන්දුවේ දඬුවමට වඩා වැඩි කාලයක් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බවද සඳහන් කළේය.

මෙලෙස සිටින පිරිසේ එල්ටීටීඊ සැකකරුවන් ද විශාල පිරිසක් සිටින බව ඔහු අනාවරණය කළේය .

Exit mobile version