Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාරකන් කාලෙට මුහුදේ සත්තු මැරිලා වෙරළට ගොඩගහනවා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය ඊට සම්බන්ධ නෑ – නාලක ගොඩහේවා

වාරකන් කාලෙට මුහුදේ සත්තු මැරිලා වෙරළට ගොඩගහනවා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය ඊට සම්බන්ධ නෑ - ගොඩහේවා

වාරකන් කාලෙට මුහුදේ සත්තු මැරිලා වෙරළට ගොඩගහනවා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය ඊට සම්බන්ධ නෑ - ගොඩහේවා

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින් කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු නිසා බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය ඊට සම්බන්ධ නොමැති බවත් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ප්‍රශ්නය – ඇමතිතුමා මේ වෙනකොට මේ මුහුදෙ ඉන්න සත්වයින් දිගටම මැරෙනවා, උන් වෙරළට ගොඩගහනවා. ඔබතුමන්ලා මේ ගැන හොයලා බලනවාද, ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවාද, මොකක්ද අලුත්ම තත්වය ?

“දැන්, මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. දැන් අපේ පැත්තෙන් – වෙරළ සංරක්ෂණය කිරීම පැත්තෙන්, ආරක්ෂා කිරීම පැත්තෙන් – මං හිතන්නෙ අපි උපරිම වශයෙන් කටයුතු කරලා තියෙනවා. එතකොට මුහුදෙ සිද්ධ වෙන දේ අපට සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බෑ.

මේ වාරකන් කාලෙ බොහෝ අනතුරු වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට – මම පරිසරවේදියෙක් නෙවෙයි, නමුත් මම දැක්කා සමහර පරිසරවේදියො සමාජ මාධ්‍ය ජාලවල කියලා තියෙනවා, ඒවගේම සමහර පරිසරවේදියො මගෙත් එක්ක සෘජුවත් කියලා තියෙනවා – වාරකන් කාලයට සත්තු අනතුරුවලට ලක්වෙනවා. ඉතිං වාරකන් කාලයට ගොඩබිමට සතෙක් ගහගෙන ආවාම ඒක අසාමාන්‍ය සිද්ධියක් වෙන්නෙ නැහැ. නමුත් මේ වෙලාවෙ මේ නැවේ අනතුර තියෙන නිසා හැම කෙනෙක්ම මේක සෘජුව සම්බන්ධ කරන්න බලනවා ඒකට” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ (16) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Exit mobile version