Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගංවතුරේ කිලෝ මීටර් 22ක් තම ගැබිනි බිරිඳ ව කරේ තබාගෙන රෝහලට ගිය සුරේෂ් කුමාර්

තම ගැබිනි බිරිඳ කිලෝ මීටර් ගණනක් කරමත තබාගෙන රෝහලක් වෙත ගිය සැමියෙක් පිළිබඳ පුවතක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලවල වැඩි අවධානයක් යොමුවී තිබුණි.සුරේෂ් කුමාර් ජීවත් වන්නේ, ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ය.

පසුගියදා පැවැති ගංවතුර තත්ත්වයක් සමග මොහු ජීවත්වන කොඩිකන්ද ගමත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට විය. මේ අතර වාරයේ 7 මස් වියැති ගැබිණියක් වූ කුමාර්ගේ බිරිඳ හදිසියේ අසනීප වී තිබුණි.

එහිදී ඇය තම ස්වාමි පුරුෂයාට පවසා ඇත්තේ “තම කුස තුල සිටින දරුවා” කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවය. පවුල් සෞඛ්‍ය සේවිකාව ඇමතූ ඔවුන්ට ලැබුණු උපදෙස වූයේ පැය 5ක් ඇතුළත ඇය රෝහල් ගතකරන ලෙසය.

හතර වටින්ම ජලයෙන් යටවී ඇති අවස්ථාවක කුමාර් සිය බිරිඳ රෝහල් ගතකරන්නේ කෙසේද?

නමුත්, තම බිරිඳටත්, මෙලොව එළිය නොදුටු දරුවාටත් ගැනත් කල්පනා කළ කුමාර් තම බිරිඳව කරේ තබාගෙන රෝහල වෙත ගෙන යාමට ය. හිනිදුම රෝහල පිහිටා ඇත්තේ ඔහුගේ නිවසේ සිට කිලෝ මීටර් 4ක් ඈතිනි.නමුත් එම රෝහලට සිය බිරිඳව ඇතුළත් කිරීමට ඔහුට නොහැකි විනි.

ඒ අනුව යළි බිරිඳ ඔසවා ගන්නා කුමාර් කිලෝමීටර් 18ක් දුරින් පිහිටි උඩුගම රෝහල වෙත ගමන් කිරීම ඇරඹීය. පැය කිහිපයක අතිශය දුෂ්කර ගමනක් ගෙවා දැමූ මොවුන් දෙපල අවසානයේ උඩුගම රෝහල වෙත පැමිණීමට සමත් විය. පසුව එම රෝහල විසින් ඇය ව කිලෝමීටර් 35 ක් පමණ දුරින් පිහිටි ගාල්ල මහ මෝදර රෝහලට රැගෙන එනු ලැබීය.

එහිදී අවශ්‍ය ප්‍රතිකාර සහ ස්කෑන් පරීක්ෂණ වලින් අනතුරුව වෛද්‍යවරු පවසා ඇත්තේ ගර්භණී කාන්තාවට සහ ඇගේ නූපන් දරුවාට හානියක් වී නොමැති බවය.

එම අභියෝගය ජයගත් කුමාර්ට දැන් උන්හිටිතැන් අහිමිවන තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ. ඒ කුමාර්ගේ කුලී නිවසට මුදල් ගෙවීම අතපසුවීම හේතුවෙනි.

Exit mobile version