Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රැවුල කපා ගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට මුදල් යැවූ පුද්ගලයා…

මෑතක දී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන නරේන්ද්‍ර මෝදි මහතා දිගු රැවුලක් වවාගෙන සිටී.

මෙම තත්ත්වය මත, මහාරාෂ්ටා ප්‍රාන්තයේ පාරාමදි ප්‍රදේශයෙහි පදිංචි තේ කඩයක අයිතිකරුවෙකු වන ‘ අනිල් මෝර් ‘ නැමැති පුද්ගලයා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාට මුදල් ඇණවුමක් මගින් රු. 100ක මුදලක් සමඟ ලිපියක් යවා ඇත.

එම ලිපියේ, අග්‍රාමාත්‍ය මෝදි මහතාට ඔහුගේ රැවුල කපා ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති අතරම, අග්‍රාමාත්‍යවරයාව අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් මෙය සිදු නොකළ බවත්, කොරෝනා සමයේ ජනතාව මුහුණ දෙන අර්බුදයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම සඳහා මෙලෙස කළ බවත් ඔහු සඳහන් කර ඇත.

තවද , ” අග්‍රාමාත්‍යවරයාට යම් වර්ධනයක් සිදු කළ යුතු නම්, එය මේ රටේ ජනතාවගේ රැකියා අවස්ථා වැඩි කළ යුතුයි. ජනතාවට එන්නත්කරණය කිරීම සඳහා උත්සාහ කළ යුතුයි. දැනට පවතින වෛද්‍ය පහසුකම් වැඩි කිරීමට උත්සාහ කළ යුතුයි ” යැයි ද ඔහු එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබිණි.

මෙම ලිපිය වර්තමානයේ සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිරෙමින් පැවතී.

Exit mobile version