Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධවල මන්දිරයේ ලොකු පුටුවකට ශ්‍රී ලාංකික විද්වතෙක්

ධවල මන්දිරයේ ලොකු පුටුවකට ශ්‍රී ලාංකික විද්වතෙක්

ධවල මන්දිරයේ ලොකු පුටුවකට ශ්‍රී ලාංකික විද්වතෙක්

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අධ්‍යාපනවේදියකු සහ පර්යේෂකයකු වන ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ධවල මන්දිර අධිශිෂ්‍යත්ව කොමිසමට පත් කර ඇත.

ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙකි. එම කොමිසම සාමාජිකයන් 22 දෙනකුගෙන් සමන්විතය.

වසර 40කට වඩා අත්දැකීම් ඇති පර්යේෂකයකු වන අතර සමාජආර්ථික ප්‍රගමනයට සහ දියුණුවට ඇති ප්‍රාථමික මෙවලම උසස් අධ්‍යාපනය යැයි දැඩිව විශ්වාස කරන්නෙකි යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයට අනුව ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා පළමු පරම්පරාවේ විශ්වවිද්‍යාල උපාධිධාරියෙකි.

හෙතෙම අධි ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවට පිවිසා ගේබ්‍රියෙල් මහතා වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය.

හෙතෙම ඇමෙරිකාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ විශාලතම ප්‍රජා විශ්වවිද්‍යාල දෙකක පර්යේෂකයකු සහ පරිපාලකයකු ලෙස කටයුතු කර ඇත.

Exit mobile version