Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු කොරියාවෙන් මෙරටට ලැඛෙන රැකියා අහිමි විමේ අවධානමක්

දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවි තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වහාම ගෙන්වා ගන්නා ලෙස දකුණු කොරියානු රජය විසින් මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට දන්වා ඇති බව ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

දැනට මෙලෙස නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව දෙදහසක් පමණ වන බවත් මෙම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව, ගිවිසුම් ගත කාලය තුල රැකියාවල නිරත වි, තම සේවා ගිවිසුම් කාලය ඉක්මවු පසු නිති විරෝධි අන්දමින් රැදි සිටින අය බවද ඔහු සඳහන් කරයි.

මෙලෙස ඔවුන් නිති විරෝධි අන්දමින් රැඳී සිටින කාලය තුල, නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව එරට රජය විසින් දන්වා ඇති බවද කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි. එමෙන්ම දැනට රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයටද මෙය බලපාන අතර. ඉදිරියේදී රැකියා විශාල ප්‍රමාණයක් අහිමි විමේ අවධානමක් මේ නිසා පැන නැගී තිබේ.

නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රමිකයන් ගෙන්වා නොගත හොත් ඔවුන් වෙනුවෙන් ඇපකර ගිවිසුම් අත්සන් කල අයට එරෙහිව නිත්‍යානුකූලව වහාම නඩු පවරන අතර, අදාල ශ්‍රමිකයාට එරෙහිවද නිත්‍යානුකුලව කටයුතු කෙරේ. එබැවින් දකුණු කොරියාවේ තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වහාම දිවයිනට පැමිණෙන ලෙස ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ඉල්ලා සිටී.

එමෙන්ම මෙම ශ්‍රමිකයන් මව්බිමට ගෙන්වා ගැනිමට ඔවුනගේ පවුලේ සාමාජිකයන්ට කටයුතු කරන මෙන්ද ලෙසද ඔහු ඉල්ලා සිටී.

-silumina

Exit mobile version