Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක ලේ දිනය නිමිත්තෙන් කුවේට් ශ්‍රී ලාංකිකයන්ගෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ලෝක ලේ දිනය නිමිත්තෙන් කුවේට් ශ්‍රී ලාංකිකයන්ගෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ලෝක ලේ දිනය නිමිත්තෙන් කුවේට් ශ්‍රී ලාංකිකයන්ගෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

පසුගිය වසර 30 ක කාලය තුළ කුවේට් හි ක්‍රියාත්මක වන ඉක්රා සංගමය කුවේට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විවිද සේවාවන් සපයමින් සිටී. අධ්‍යාපනික මග පෙන්වීම, වෘත්තීය මග පෙන්වීම, ආධ්‍යාත්මික මග පෙන්වීම, රෝගීන්ට උපකාර කිරීම , අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීම, තානාපති කාර්යාල කටයුතුවලට සහාය වීම, කුවේට් හි ක්‍රියාත්මක වන අනෙකුත් ශ්‍රී ලාංකික සංගම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, කුවේට් රටේ වැඩ කටයුතු සඳහා සහාය වීම, එයින් සමහරකි.

ඒවගේම පසුගිය වසර දහය පුරාවටම කුවේට් මධ්‍යම ලේ බැංකුව සමඟ එක්ව වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි. අඛණ්ඩව දහවන වරටත් ලේ දන් දීමේ වැඩසටහන ජුනි 4 වැනි සිකුරාදා කුවේට් මධ්‍යම ලේ බැංකුවේ සංවිධානය කරන ලද්දේ ‘අපට නැගිටින්න අත දුන් රටට ලේ දන් දෙමු’ යන තේමාව යටතේය. කුවේට් හි සමාජ සේවාවල නියැළෙන ශ්‍රී ලාංකික සහ ඉන්දීය සමිති සංගම් 40 කට වැඩි පිරිසකට මෙම අවස්ථාවට ආරාධනා කරන ලදී. ලෝක ලේ දන්දීමේ දිනය ද මේ මාසයේ යෙදී තිබේ. ලෝක ලේ දන්දීමේ දිනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්ෂිකව ජුනි 14 වන දින ජාත්‍යන්තරව සමරනු ලැබේ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු. ශ්‍රී ලංකා තානාපති යූ. එම්. ජවුහාර් මහතා සහභාගී වූ අතර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස තානාපති කාර්යාලයේ උසස් නිලධාරි ඩබ්ලිව්. ඒ. යූ. පොෂිත පෙරේරා මහතා, අයිවන් ඇන්ටනි පෙරේරා පිය තුමා, කුවේටයේ මධ්‍යම රුධිර බැංකුව භාර වෛද්‍ය. අස්මා මැතිණිය, කුවේටයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරු ඇතුළු ඉහත සංගම්වල නියෝජිතයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. ජාති, ආගම් බේදයකින් තොරව සියයකට අධික පිරිසක් මෙම අවස්ථාවේදී රුධිරය පරිත්‍යාග කිරීමට සම්බන්ධවී තිබේ. මෙම අවස්ථාව සංවිධානය කළ ඉක්රා සංගමය මෙය අප විසින් කුවේට් දේශයට කරණ කෘත ගුණ සැළකීමක් මෙන්ම මව් රටට අපි කරණ උතුම් ගෞරව කිරීමක් ලෙස සළකයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඉක්රා සංගමය පවසන්නේ කුවේට් දේශයේදී කාට හෝ ලේ අවශ්‍ය වූ විට ක්ෂණිකව ලේ දන් දීමේ වැඩපිළිවෙළක් ඔවුන් විසින් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එම නිසා කිසියම් අයෙකුට ලේ අවශ්‍ය වූ ඔවුන්ව අමතන ලෙසයි. සිය ආරාධනාව පිළි අරගෙන ලේ දන් දීමේ පුණ්‍ය කර්මයට දායක වූ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින බවත් මින් ඉදිරියටත් අපි එක්වී වැඩ කරමු, එක්ව නැගී සිටිමු. අනාගතයේදී ද මෙවැනි වැඩ කටයුතුවලට ජාති, ආගම් භේදයකින් තොරව සහභාගී වන ලෙස ඔවුන් සැමගෙන් ඉල්ලා සිටී.

Exit mobile version