Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහත්මා ගාන්ධිතුමාගේ මිණිබිරියට වසර 7ක සිර දඬුවමක්!

මූල්‍ය වංචා නඩුවකින් දකුණු අප්‍රිකානු අධිකරණය ඇයට විරුද්ධව වසර 7ක සිර දඬුවමක් නියම කර ඇත.

ගාන්ධි තුමාගේ මිණිබිරිය වන ආශිෂ් ලතා රාම්ගෝපින් (56) , S.R. මහාරාජ් නැමැති ඇඟලුම් කර්මාන්තයක සභාපතිගෙන් රුපියල් මිලියන 6.2ක මුදලක් ලබා ගෙන වංචා කළ බවට චෝදනා ලද නඩුවේ ඇයට දකුණු අප්‍රිකාවේ ඩර්බන් අධිකරණය විසින් වසර 7ක සිර දඬුවම් නියම කර ඇත.

ඉන්දියාවේ සිට අත්යන්ත්‍ර පේෂකර්ම හා රෙදිපිළි ආනයනය කර දෙන බවට පවසා, ව්‍යාජ ලියකියවිලි මඟින් මුදල් ලබා ගෙන ඇති හෙයින් ආශිෂ් ලතා රාම්ගෝපින් වෙත මෙම චෝදනාව එල්ල කර තිබේ.

ඇය ඉදිරිපත් කළ ලියකියවිලි ව්‍යාජ ඒවා බව දැනගන්නට ලැබී ඇත.

ගාන්ධි තුමාගේ මුණුබුරා සහ ඇතැම් මිණිබිරියන් මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස ද , පරිසරවේදීන් ලෙස ද ක්‍රියා කරයි.

ලතා රාම්ගෝපින්ගේ ඥාතීන් වන කීර්ති මේනන්, දිවංගත සතීෂ් දුබේලියා, උමා දුබේලියා මෙස්ත්‍රින් යන අයත් මානව හිමිකම් වෙනුවෙන් හඬ නැඟූ අය වේ.

ලතා රාම්ගෝපින්ගේ මව ඉලා ගාන්ධි, පාරිසරික හා මානව හිමිකම් වෙනුවෙන් හඬ නැඟූ අයෙකු වන අතර ඇය දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ ලොව ඇතැම් වේදිකාවල ගෞරවයට පාත්‍ර වූ අයෙකු යැයි ද සඳහන් වී තිබේ.

Exit mobile version