Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාබනික ගොවිතැන් රජයේ වැඩපිළිවෙලට ජනපති බහුජාතික සමාගම්වල සහාය ඉල්ලයි

2030 වන විට ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදනය ඩොලර් 8000ක් දක්වා වර්ධනය කිරීමට; ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුණර්ජනීය බලශක්තිය සඳහා යොමු වීමට කැපවී සිටිනවා – ජනපති

2030 වන විට ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදනය ඩොලර් 8000ක් දක්වා වර්ධනය කිරීමට; ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුණර්ජනීය බලශක්තිය සඳහා යොමු වීමට කැපවී සිටිනවා – ජනපති

මෙරට කාබනික ගොවිතැන ශක්තිමත් කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට සෙසු රටවල, බහුජාතික සමාගම්වල සහ අයෝජකයින්ගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ 04වන දින පස්වරුවේ ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වන සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ප්‍රකාශ කර තිබේ.

ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂි පරිසර විද්‍යාව පිළිබඳ සැසිය ඊයේ ඉතාලියේ රෝම නගරයේදී පැවැත්වුණි.

රටවල් රැසක නියෝජිතයන් මෙම සමුළුව සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා “මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය රසායනික පොහොර, කෘමිනාශක ද්‍රව්‍ය සහ වල්නාශක තහනම් කළා. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය හේතුවෙන් අපේ රටේ ගොවීන් බෝ නොවන රෝගවලට ගොදුරු වී සිටිනවා. ඔවුන් දිගුකලක සිට නිදන්ගත රෝගවලින් පෙළෙන බව හඳුනාගෙන තිබෙනවා. අතිරික්ත පොහොර පොළොව දූෂණය කර භූගත ජලයට එකතු වී තිබෙනවා. ඉන් පස නිසරු වී ජලය දූෂණයට ලක්වුණා. ශ්‍රී ලංකා රජය අපේ රටේ ගොවීන්ට හා කෘෂිකර්මාන්තයට සහාය දෙනවා. කාබනික ගොවිතැනට මුල්තැන දීමෙන් කෘෂි පාරිසරික සංක්‍රාන්තියක් සිදුවෙයි. මේ යාන්ත්‍රණයට සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය ගොවීන්ට සහනාධාර මෙන්ම වී ලබාදීමට කටයුතු කරනවා. ඒවාගේම ගොවීන්ට සහනයක් ලබාදෙමින් වීවලට සහතික මිලක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ නිසා අපේ රටේ කාබනික ගොවිතැන සඳහා දේශීය ධාරිතාව ශක්තිමත් කිරීමට සෙසු රටවල, බහුජාතික සමාගම්වල, තාක්ෂණික විද්‍යාඥයින්ගේ මෙන්ම අයෝජකයින්ගේද සහයෝගය අපේක්ෂා කරනවා.” යනුවෙන් පවසා ඇත.

Exit mobile version