Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“සංචරණ සීමා පිළිපදින්නේ අහිංසක ජනතාව විතරයි” – සීමා තවත් සතියකින් දීර්ඝ කරන්න යෝජනා

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේතෙක් 81,353 දෙනකු අත්අඩංගුවට

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේතෙක් 81,353 දෙනකු අත්අඩංගුවට

එදිනෙදා ආදායම් උපයාගෙන ජීවත් වූ අහිංසක ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරීම සඳහා ආර්ථික දුෂ්කරතා මැද්දේ නිවෙස්වලට වී සිටින නමුත් යමක් කමක් තිබෙන හැකියාවක් තිබෙන බලවතුන් බහුතරයක් සංචරණ හා සෞඛ්‍ය නීති නොපිළිපදිමින් ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වමින් මාර්ගවල ගමන් ගන්නා අයුරු දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

බලපුළුවන්කාරකම් පෙන්වන එම පුද්ගලයන්ගේ හැසිරීම් රටාව මෙරට කොවිඩ් වසංගතය පාලනය කිරීමට බාධාවක් වී ඇති බව පෙනෙන්නට තිබෙන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වුවද 60% තරම් පිරිසක් සංචරණ සීමා හා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කරන බවද උපුල් රෝහණ මහතා පැවසීය.

මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව එතරම් සුබදායක තත්ත්වයක් නොවූව ද පළමු පෙළ ආසාදිතයන් බොහෝ පිරිසකගේ සංචරණය සීමා වී ඇති ඉදිරි සති දෙක ඇතුළත මෙම රෝගීන් වාර්තාවීමේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් සුබදායක අයුරින් අඩුවීමට ඉඩ තිබෙන බවද ඒ මහතා පැවසීය.

සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා

මේ අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .

එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයිද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත්, එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත්, සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයද මෙම කරමින් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් (02)දා යවා ඇතැයිද දැනගන්නට ඇත.

කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් (21) වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර, එය (25) වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.

සංචරණ සීමා (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.

එහෙත් එය ලබන (21)නි දා දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.

-LD & MB

Exit mobile version