Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු ආසියාවේ විශිෂ්ටතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලය ගිනිතැබීමේ සිද්ධිය අනුස්මරණයට තහංචි

දකුණු ආසියාවේ විශිෂ්ටතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලය ගිනිතැබීමේ සිද්ධිය අනුස්මරණයට තහංචි

දකුණු ආසියාවේ විශිෂ්ටතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලය ගිනිතැබීමේ සිද්ධිය අනුස්මරණයට තහංචි

දකුණු ආසියාකරයේ විශිෂ්ටතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය  ගිනිබත් කිරීමෙන් දශක හතරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබු පුෂ්පදීපානුස්මරණය පොලිසිය විසින් කරන ලද බිය ගැන්වීමක් නිසා අතහැරදමන්නට සිදුවී තිබේ.

ඒ සැමරුම් උත්සවයක් පැවැත්වුවහොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ට යාපනය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දුරකථනය මගින් දැනුම් දීමෙන් අනතුරුවය.

පොලිස් ස්ථානාධිපතිගේ හේතු දැක්වීම වී ඇත්තේ මාරාන්තික කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රට පුරා සංචරණ සීමා පනවා ඇති මොහොතක පුද්ගල ඒකරාශිවීම් තහනම් වීමයි.

පොලීසිය විසින් කළ අනතුරු ඇඟවීමෙන් පසු සැමරුම් උත්සවය අත්හිටුවීමට යාපනය මහ නගර සභාව පියවර ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ආණ්ඩුවේ ආධාරකරුවන් සමග හමුදා භට පිරිස් යාපනය පුස්තකාලය ගිනිතබා හතලිස් වසරක් ගතවන දිනයේ පුස්තකාලය අසල පොලිස් මුරකාවල් යොදා තිබෙන ආකාරය උතුරේ මාධ්‍යවේදීන් කැමරා කාචයට හසු කරගෙන තිබුනි.

1981 මැයි 31 වැනිදා රෑ යාමයේ ගිනි බත් කරන ලද යාපනය පුස්තකාලය වෙනුවෙන් අලුතින් ඉදිරකරන ලද පුස්තකාලය විවෘත වුයේ 2003 වසරේදීය.

සිය පතපොත සහ නිවස 1933 දී දන් දෙමින් මුල් පුස්තකාලයට මුලපිරා තිබුනේ කේ.එම් චෙල්ලප්පාය.

-Ceylonnews

Exit mobile version