Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිංගික අපරාධ වැළැක්වීම සඳහා පල්ලියේ නීති සංශෝධනය කළ පාප් වහන්සේ!

කතෝලික නිකායන්හි, ලිංගික අපරාධ වැළැක්වීම සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නීති සංශෝධනය කර ඇත.

තම ආධිපත්‍ය අවභාවිතා කරමින්, වැඩිහිටියන් සමඟ පූජකයින් ලිංගික අතවරවල නිරත වීම වරදක් බව පල්ලියේ නීතිවලට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් සංශෝධනයන් ඇතුළත් කර තිබේ.

නියමානුකූලව පත් නොකළ , පල්ලියේ පදවි දරන්නන්ට ද මෙවැනි ලිංගික අපරාධ වෙනුවෙන් දඬුවම් ලබා දීමට නව නීති සංශෝධනයේ විධි විධාන යොදා ඇත.

ලොව පුරා සිටින කෝටි 130ක් පමණ කතෝලික ප්‍රජාවගේ පල්ලිවල පිළිපදින නීතිවල ද මෙම සංශෝධනයන් ක්‍රියාත්මක වේ.

වසර 14ක පර්යේෂණවලින් පසු ක්‍රියාත්මක කර ඇති මෙම සංශෝධන පිළිබඳ ප්‍රකාශයට පත් කිරීම පසුගිය අඟහරුවාදා දින (01) එළි දැක්වීය.

හිටපු දේවගැති තියෝඩර් මැකරින් ඇතුළු පිරිසට එරෙහි ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

මෙම තත්ත්වය මත කතෝලික පල්ලිවල නීති සංශෝධනයන් කර ඇති බව සඳහන් වේ.

Exit mobile version